(දයාරත්න ඇඹෝගම)
දරුවන් පස් දෙනකු මෙලොවට බිහි කළ මවකගේ මළ සිරුර බාර ගැනිමට කිසිදු දරුවකු ඉදිරිපත් නොවිමේ හේතුවෙන් හොරොව්පොතන රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ආගමික වතාවත් සිදුකොට ඇයගේ මෘත දේහය හොරොව්පොතාන පොදු සුසාන භුමියේ මිහිදන් කිරිමට පියවර ගත්තේය.
මිය ගිය මෙම මව හොරොව්පොතාන රජයේ රෝහලට මාස ගණනකට ප්‍රතිකාර සදහා ඇතුළත් කළාය.
දරුවන් පස් දෙනකු සිටියත් මෙම අසනීප මව බැලීමට කිසිවකු පැමිණ නැති අතර කාත් කවුරුත් නොමැතිව රෝහල තුළම අවසන් සුසුම් හෙලීය.
හොරොව්පොතාන ලේවාසපිරි වැව ගමේ පදිංචිවී සිටි මෙම මව මියගිය බවට දරුවන් දැනුවත් කළ ද පැමිණියේ එක දරුවකු වන අතර ඔහු ද මව හඳුනාගෙන සුළු වෙලාවකින් අතුරුදහන් විය. නැවත පැමිණියේ නැත.
රෝහල් ගත වූ දින සිටම රෝහල් කාර්ය මණ්ඩලයේ වෛද්‍යවරුන්, හෙද හෙදියන් මෙන්ම අනෙකුත් කාර්යය මණ්ඩලය ද මෙම මවට ඉතා ආදරයෙන් අවශ්‍ය ප්‍රතිකාර සහ ඇප උපස්ථාන සිදු කළ අතර රෝගී තත්වයෙන් මිය යන තෙක්ම ඔවුන්ගේ නොමද ආදරය ලැබීමට තරම් භාග්‍යවන්ත වුවාය.